Friday, January 6, 2012

THE FANTASTIC FOUR & HALF - Part 01

මෙහි එන නම් ගම් සියල්ල සත්‍ය වේ.

එය වෙනත් අයට නම් වෙනදා මෙන්ම සාමාන්‍ය දිනයක් විය. නමුත් 11 – A පන්තියේ සුවිශේෂී අඹ යහළුවන් සිව් දෙනෙකුට හා අහක සිටි තවත් යහළුවෙකුට (සාමාන්‍ය ප්‍රමාණයෙන් ½ ක් ඇති.) තම ජීවිතයේ හොඳම පරිප්පුව කෑ දිනය විය.

වෙනදා මෙන් හිරු පායා ආවෙන් හා මව්වරු බල කළ හෙයින් එදින ද 11 – A පන්තියේ කොල්ලන් 13 න් 12 ක් ම පාසල් පැමිණියහ. පළමු කාලච්චේදය පුස්තකාල එකක් වූවද අපට සිදුවුයේ ඇම්ඩාගේ දීර්ඝ දේශණයකින් පසු පැරණි පොත් ගුලේ බොකු බඩවැල් නව ගුලකට රැගෙන යාමටය. (මෙහි එන ඇම්ඩා කථාවේ දුෂ්ටයා වේ.නිතරම පොත් මිටියක් කිහිල්ලෙ ගසාගෙන සිටින ඹහු විශ්‍රාම ගිය ඉංග්‍රීසි ගුරුවරයෙකි. පෙර මෙන් දැන් ඔහුගේ මස්තිෂ්කය වැඩ නොකරන්නේ එය පුස්කා ඇති හෙයිනි.) කබඩ්වල තිබූ පුස්තක වෙන් වෙන්ව කවදත් බලවත් බවලත් පක්ෂය විසින් ලෙහෙසියෙන්ම ඩිලිවරි කෙරිණි.
ඉතිරි වූ නෂ්ඨාවශේෂ එනම් දිරා ගිය ඩෙස් හා කබඩ් ඇදීමට අසරණ , අවංක , ප්‍රගතිශීලී ... Etc. අපට සිදුවිය. එයිනුදු වේයන් විසින් හප කරන ලද හාල්ෆ් සෙන්චරියක් වයසැති ඩෙස් නාකියෙක් (එතැන තිබු පෞරාණිකම වස්තුව) ඇදීමට සිදුවූයේ යටකී අඹ යහළුවන් සිව් දෙනාටය. මෙතරම් පැරණි එම ඩෙස්කය ඔසවාගෙන යාමට ලැබීම ඔවුනට සතුටක් ම විය. එනමුදු එම ඩෙස්කයේ තිබූ බර නිසා එය ආංබාං කිරීම ෆට්ට අමාරු ද විය. කෙසේ හෝ පැරණි පොත් ගුලෙන් එළියට ආ ඩෙස් එකට තිබුණ දෙවන අභියෝගය වුයේ මහා බාධක හෙළ තරණය කිරීමයි.

මහා බාධක හෙළේ පළමු භාගය අතිසාර්ථක අයුරින් නිමකළ ඔවුන් ගමන ඉක්මන් ක‍ළේ ඊළඟ කාළච්චේදයේ පැවති පී.ටී. යට යෑමටයි. එනමුදු සිදුවූයේ මහත් අබග්ගයකි. ඩෙස් නාකියාගේ හෝ අඹ යහළුවන් සිව් දෙනාගේ හෝ පූරුවේ කළ පාපයක් ඇරියස් පිටිංම පළ දුන්නේය. ඩෙස් එකේ පැත්තක් ෆට්ටම අමාරුවෙන් උස්සාගෙන හිටි මදේගේ( මේ මදේ යනු සුරා යන අන්වර්ථ නාමයෙනුදු හැඳින්වෙන අනර්ඝ වැඩකාරයෙකි. එමෙන්ම ඔහු මෙම කථාවේ එක් වීරයෙකි.) අතින් බිමට පැන්න ඩෙස් නාකියාගේ ෆ්රන්ට් සයිඩ් කකුල් දෙක “ ජරස්” ගා බිම පත බෑවුණේය. පුස්තක ඩිලිවරි කරමින් සිටි බවලතුන්ට නං මැරෙන්ට හිනාය.

වහා කිරියාත්මක වූ අඹ යහළුවන් හතර දෙනා සෙපරේට් වූ ඩෙස් නාකියා යළි එකළස් කිරීමට කටයුතු කළහ. යළිදු හතර පැත්තෙන් උස්සන ලද ඩෙස් නාකියාට යහතින් යන්නට හැකිවූයේ අඩි දෙක තුනක් පමණි. හාල්ෆ් සෙන්චරියක් වයසැති කකුල් දෙක යළිත් ඩෙස් නාකියා අතහැර පොළව කරා ලෑන්ඩ් කළේ අඹ යහළුවන් සිව් දෙනාගේ වඩු වැඩ කෙරෙහි ඇති දක්ෂතාව මනාව පිළිබිඹු කරමිනි. මෙවර නම් අඹ යහළුවන්ට “කට උත්තර” නැතිවුණේ තමන් ඉදිරියේ ප්රාවදුර්භූත වූ මස්තිෂ්කය පුස්කෑ ඇම්ඩා දැකීමෙනි.
මේවන විට සෙපරේට් වුනු ෆ්රන්ට්සයිඩ් කකුල්දෙක අතැතිව සිටියේ කොහේදෝ අයිස් ගහමින් සිට මෙතැනට අප්ලෝඩ් වුනු අතිසූක්ෂම ප්‍රොටිස්ටාවෙකි. ඔහු ගේ මෙන්ම අපගේ ද අවාසනාව මෙහිදී මතුවිය.

කෙසේ වුවද ජඩකම් මිස මිනිස්කම් නොහඳුනන ඇම්ඩා , "කැඩුවා නේද? ඩෙස්ක් එක උඹල දන්නවද අවුරුදු පනස් හතරක් තිස්සේ හොඳට තිබුණු ඩෙස්ක් එක උඹල කැඩුවේ. හා හා දැන්වත් පරිස්සමින් අරන් වරෙල්ල"කියමින් අපව නව පොත් ගුල වෙත දක්කාගෙන ගියේය. තමා මෙදින මුලින්ම දුටු මුහුණ වු බුද්ධ ධමර්මය උගන්වන චීටර්ගේ වත එක් අඹ යහළු‍වෙකුට මතක්විය. ඩෙස්ක් එකේ ෆ්රෝන්ට් ලෙග්ස් දෙක රැගත් ප්රෝටිස්ටාවද ඔවුන් සමග රැගෙන ගිය බව කිවමනාය. මේ නව පොත් ගුල ගැන කියතොත් එය අප මේ පාසලට ආවාට පසු නිමකළ එකකි. තාමත් එහි දුහුවිලි වායු ධාරා නාස් පොලු හරහා ගමන් කෙරෙයි. එවන් වූ දහසක් දුෂ්කරතා මද්‍යයේ අප විසින් මහත් පරිශ්‍රමයකින් ඩෙස්ක් නාකියා නව පොත් ගුලට අප්ලෝඩ් කෙරිණි. මෙය අදීක්ෂණය කරමින් තරමක් දිගු වූ තම හොම්බට අමුද ලේන්සුවක් ගැටගසාගෙන පැමිණි ඇම්ඩා " දැන් ඉතින් පහලට ගොහින් පුජිත සර් හම්බවෙලා ඇන ටිකකුයි මිටියයි අරගෙන මේක හදාපල්ලා. එතකන් ඊළඟ පීරියඩ් එකට යන්න බෑ. දැන් නම් ටික දීපල්ලා." යි කීය. අපද පින් ගොනුන්ට ගැසීම වරදක් බැවින්ද , බල්ලන් අපේ හැපූ නිසාවෙන්ම අප ඔවුන්ගේ හපන්නේ නැති බැවින්ද , නම් ටික ලියා දී කරබාගෙන පුජිත සර් ගාවට ඩවුන්ලෝඩ් වුනෙමු.

පුජිත සර් ගාවට ඩවුන්ලෝඩ් වූ අපි ඩෙස්ක් නාකියාට නොදෙවෙනි ෆිගර් එකකින් යුක්ත වූ මිටි රාජයෙක් ඉල්ලා ගෙන , මග තිබූ හත්පරණ ඩෙස්කුවකින් ඇණ හතරක් ද ගලවාගෙන යළිත් නව පොත් ගුල කරා අප්ලෝඩ් වුණෙමු. නව පොත් ගුල ජනශූන්‍ය වී තිබෙනු දුටු අප කිසිදු බිය හැකකින් තොරව ගෙනගිය ඇද වූ ඇණ හතරෙං දෙකක් ඩෙස්ක් නාකියාගේ සෙපරේට් වී තිබූ කකුල් දෙක නිසිපරිදි තබා කකුල් හරහා ඩෙස්ක් නාකියාට බැස්සුවෙමු. ඩෙස්කුව හොලවා කකුල් දෙක නිසිපරිදි සවි වූ බව කන්ෆර්ම් කරගත් අප ඇම්ඩා සොයා පල්ලම් බැස්සේ ඩෙස්කුව පෙන්වා ප්‍රශංසාවක් සමගම පී.ටී. වලට පිට්ටනියට යාමේ අවසරය ද ලබාගැනීමේ අදිටෙනිනි. එවිට අප දුටුවේ...................................................................................


*ඉතිරි කොටස් ළඟදීම බලාපොරොත්තු වන්න. එතෙක් අප හා රැඳී සිටින්න.......... ස්තුතියි !!