Sunday, August 18, 2013

THE FANTASTIC FOUR & HALF - Part 02



එවිට අප දුටුවේ ඇම්ඩන් පොයියක් කෙලීමේ යෙදී සිටින බවයි. පොයිය නතර නොවන නිසාද අධික පිපාසාවකින් පෙළුණු නිසාද "මදේ", ඉදිරියේ තුබූ ජල කරාමයකින් තම පිපාසාව නිවාගැනීම  සඳහා ජල බිඳක් පානයට කරාමය විවෘත කළේය. අහෝ ! ඛේදයකි. කරාමයද ගලවාගෙන ජලරකුසා මතුවුයේ ජලමලක් ආකාරයෙනි. අසලසිටි තක්පට් ප්‍රමුඛ අඹ යහළුවන් රැල සිනා සාගරයෙහි කරවටක් ගිල්වුණු මේ සිදුවීමනම් ඇම්ඩන් නොදුටුවේ ඔහුගේ පොයියේ බරපතලකම හා මස්තිෂ්කයේ පැවති පුස් කෑ ස්වභාවය නිසා ය. ( උක්ත චරිතය වන තක්පට් මෙම කතාවේ තවත් එක සුවිශේෂී චරිතයකි. සාමාන්‍ය ප්‍රමාණයට වඩා දෙගුණයකින් පමණ වූ මොහු "බොට කඳා" යන අන්වර්ථ නාමයෙන්ද හැදින්වේ. මොහුගේ සැලකිය යුතු ශරීරාංගය වුයේ පශ්චාත්භාග්‍යයි. ගමනේ යෙදෙන විට තීරයක් තරංගයක් මෙන් කම්පනය වන මෙය, පන්තියේ කොල්ලන්ට නිතැතින් විනෝදය ගෙනෙන ශරීරාංගයක්ම විය. මාර බ්‍රේන් පවර් එකක් ඇති මොහු මේවන විට දහදිය නා සිටියත් මාර කැපවීමකින් යුතුව සිනාවට සහභාගී විය.)

     මේ අතරතුර තම කොර් ටු ඩුඕ ප්‍රොසෙසරය භාවිතා කල මහා පතරන්ගයා වහා අපවද ඇදගෙන වෙනත් මගකින් පාසලේ තවත් ජල කරාමයක් ලඟට අප රැගෙන ගියේය. නමුත් එහි ජලය නොමැති විය. ( මෙහිදී උක්ත මහා පතරංගයා වනාහි සිංහල සාහිත්‍ය විශාරදයෙකි. මහා අනර්ඝ පුස්තකයක් රචනා කිරීම නිසා මොහුට පටබැඳුණ මෙම නම හැර "පරිගණක විශාරද" යන නමින්ද මොහු හැදින්වේ. නිතරම තම ප්‍රොසෙසරය මගින් තම යහළුවන් විපතින් ගලවා ගැනීමට උත්සුක වන මොහුද මෙහි එන එක් ප්‍රධාන චරිතයකි. මේ වන විට මොහුද දහදියෙන් නැහැවී සිටියේය.)

     කෙසේ හෝ ජල පිපාසාව සංසිඳවා ගත් අඹ යහළුවන් සිව්දෙන නැවත පෙර කී ශෝර්ට්කට් එක මගින්ම නැවත මාර්ගයට පිවිසුනේ සිනහසෙමින්මය. මේ අවස්ථාවේදී නැවත මදේගේ ඉදිරියෙන් ඇම්ඩන් දිස්විය. ( මෙය ඇම්ඩන් නමැති පොළොස් කොට්ටෝරුවාගේ එක්‌ සුවිශේෂී බලයකි. කොහේ හෝ සිට ඔහු අනපේක්ෂිත ලෙස අප ඉදිරියේ මතුවන්නේ, නිකන් ඇලඩින්ගේ පුදුම පහනේ භූතයා මෙනි. මොහු හොඳක් වෙනුවට ජඩ කමක්ම කොට අහිංසක පාසල් සිසුවනට දඬුවම් කරයි.) තම P IV මොළය පාවිච්චි කල මදේ සර් වැඩේ ඉවරයිකීවේය.

     කෙසේ හෝ අපව තවත් ස්ටක් කිරීමට තටමමින් සිටි ඇම්ඩන්, “හා.... යං  බලන්ඩකියා නැවත අපව නව පොත්ගුලට බලෙන් මෙන් අප්ලෝඩ් කළේය. දුහුවිල්ල නැවත නාස් පොලු අතරින් ගමන්  ගනිද්දී, අපි නැවත පොත්ගුලට අප්ලෝඩ් වුනෙමු. පොත් ගුලට එන්ටර් වූ වහාම ඇම්ඩන් ඩෙස්ක් නාකියගේ ලෙඩය ඉන්වෙස්ටිගේෂන් කරන්ට ස්ටාර්ට් කළේය. මුලින්ම ඩෙස්ක් නාකියා සොලවා බැලූ ඔහු අප ගැසූ ඇණ දෙස බලා තවත් එක් අතිපණ්ඩිත ටෝක් එකක් දුන්නේය. මේකට මේ ඇන ගහල බෑ. ලී ඇන ගහන්න වෙනවා. ලී ඇන කපා ගන්න නම් වඩුමඩුවට යන්න වෙනවා.යි කීවේය !!

     මේවන විට ඩෙස්ක් නාකියගේ ලෙඩය ඉන්වෙස්ටිගේෂන් කරන්ට අප විසින් කැඳවාගෙන ආ පුජිත සර් අප ගලවා ගැනීමට කතාකලත් ඇම්ඩන් ගේ අතිපන්ඩිත ටෝක්ස් හමුවේ ඔහුද අසරණ විය. කොහේදෝ තිබී ගැලවී වැටුණු දත් බුරුසුවක්‌ වැනි ලී කෑල්ලක් අතට ගත ඇම්ඩන්  මෙන්න මේකෙන් පුළුවන් ලී ඇණ හතරක් හදාගන්නයි තම ඔපීනියන් එක ඉදිරිපත් කළේය. එයින් ලී ඇණ හතරක් තියා මයික්‍රෝ කං හැන්දක්වත් සෑදීමට නොහැකි බව එය දෙස සිහි කල්පනාවෙන් බැලූ ඕනෑම බබෙකුට වැටහේ. නමුත් එය ඇම්ඩා නමැති ගස් බල්ලාට අවබෝධ නොවීම අරුමයක් නොවේ.

     කටටත් හිතටත් ආ හැගීම බොහෝ අමාරුවෙන් යටපත්කරගත් අඹ යහළුවන් හතර දෙන කරබාගෙන සිටියේ තව අවුරුදු කීපයක්ම මෙම පාසලේ සිටීමට තිබු ආශාව නිසාය. මහාර්ඟ වස්තුවක් මෙන් ලී කැබැල්ලද ඉස්සර කරගෙන පල්ලම් බැසීමට පටන්ගත් ඇම්ඩන් පසුපස අඹ යහළුවන් හතර දෙනාද පෝරකයට නියම වූවන් මෙන් ගමන් ගත්හ. ඉදිරියට යාමට හැකි වූවේ ස්වල්ප දුරක් පමණි. එකවරටම කුමක්දෝ කරුණකට ආපසු හැරුණු ඇම්ඩන් හැරුණේ භාත්කණ්ඩ සංගීත නිකේතනයහි සිට ආ බවක් හැඟෙන පොරක් දෙසටය. ( මේකා අමුතුම චරිතයකි. ධාරානිපාත වැස්ස දවසට තියා පොඩි පින්නක් ගියත් ඉස්කෝලේ නොඑන මොහු පාසැලට ආ දවසට මෙවැනි අටමගලක් ඔලුව උඩට කඩාපාත් වීම සාමාන්‍ය දෙයකි. මොහු ළඟ සිටින විට මිතුරන් තම වටිනා අවයව ආරක්ෂා කරගන්නට දඟලන්නේ පුදුම දැඟලිල්ලකි. පොඩ්ඩක් මිස් වුනොත් වත්තේ පොල් පෙන්නන්නට මේකා තරම් දක්ෂ පොරක් මුළු ඉස්කෝලෙම නැත. සටන් කලාවක් ද ප්රනගුණ කරන මොහු වෙලාවකට මහත් වදයක්‌ වූවත් අපටනම් නැතුවම බැරි එලකිරි පොරකි.)

     කෙසේ හෝ ඇම්ඩන් නමැති කටුස්සා ආපසු හැරී.........................................................................


*තවත් කොටසක් ළඟදීම බලාපොරොත්තු වන්න. එතෙක් අප සමඟ රැඳී සිටි ඔබට තුති !! ඉදිරියටත් ඔබගේ සහයෝගය බලාපොරොත්තු වෙමු..